රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ මහතා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටී.
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු පළමු අවස්ථාව මෙය වේ.






















