Tuesday, September 1, 2026
HomeNEWSරාජ්‍ය ඇමතිගේ පෞද්ගලික ලේකම්ටත් කොවිඩ්

රාජ්‍ය ඇමතිගේ පෞද්ගලික ලේකම්ටත් කොවිඩ්

රාජ්‍ය ඇමතිගේ පෞද්ගලික ලේකම්ටත් කොවිඩ්

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවය.

රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතව හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන අතර ඉකුත් දින කිහිපයේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටී.

මේ අතර, මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඊයේ (08) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා සඳහන් කළේය.

බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ අංක 7 හා 9 වාට්ටුවලට ඇතුළත් කළ රෝගීන් පස්දෙනෙකු ඒ අතරට අයත්ය.

මේ අතර, වවුනියාව නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 55 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමග වවුනියාව ජුම්මා මුස්ලිම් පල්ලිය සහ වවුනියාව බසාර් වීදිය,ධර්මලිංගම් මාවත සහ මාර්කට් පෙදෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් බහුතරයක් මෙම ප්‍රදේශවල පිහිටි වෙළෙඳසැල්වල සේවය කළ අයයි.

ආසාදිතයින් වවුනියාව පට්ටානිච්චූර්,නෙළුක්කුලම,නෙඩුන්කේනි,තිරුනාවට්කුලම හා වෙල්ලිකුලම යන ප්‍රදේශ රැසක සංචරණය කර තිබීම හේතුවෙන් ආශ්‍රිතයින් සොයා ගැනීම අසීරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img