Tuesday, September 1, 2026
HomeNEWSකොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු සැකකරුවන් දස දෙනෙකු නඩු විභාගයක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

2018 වසරේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ලෙස ඇතුළු වී නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කළේ යැයි සැකකෙරෙන නඩුව අද (18) කැඳවනු ලැබූ අවස්ථාවේ දී සැකකරුවන් හෝ ඔවුන්ගේ ඇපකරුවන් අධිකරණයේ පෙනී නොසිටි බව “අද දෙරණ“වාර්තාකරු පැවසීය.

ඒ අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි පැමිණිලිකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව නඩුව අප්‍රේල් මස 23 වනදා කැඳවීමට නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img