Tuesday, September 1, 2026
HomeNEWSජූඩ් ශ්‍රමන්තට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

ජූඩ් ශ්‍රමන්තට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

ජූඩ් ශ්‍රමන්තට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව ප්‍රදානය කර නිදහස් කරන ලද ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නමැත්තා විදේශගතවීම වළක්වාලමින් පනවා තිබු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම පුද්ගලයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (19) යළි කැඳවූ අවස්ථාවේ දී එම නියෝගය කෙරුණි.

එම පෙත්සම අද බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජනාධිපති සමාව ලැබූ විගස ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නැමැත්තා විදේශගත වූ බවත් ඔහු මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන හෙයින් ඔහුට රටින් පිට වීම වළක්වාලමින් නඩු විභාගය ආරම්භයේ දී නිකුත් කළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.

මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා නියමිතව තිබුණත් එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අද දින පෙනී නොසිටි බැවින් කරුණු සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුනි මස 10වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ අධිකරණය මගින් බරපතළ මිනී මැරුමක් සම්බන්ධයෙන් වරදකරු කර මරණිය දණ්ඩනය නියම වී සිටි රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසි නීතිමය ක්‍රියාපටිපාටීන් අනුගමනය කර නොමැති බවය.

ඔහු විසින් ප්‍රදානය කර තිබෙන පොදු සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන එම සංවිධානය ඒ අනුව එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img