බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම ගැන තීරණය ?
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි දින කිහිපය තුළ දැනුම් දෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ පිළිබඳව ඊයේ (18) ජනාධිපතිවරයා විසින් කොවිඩ් මර්ධන කාර්ය සාධක බළකා රැස්වීමේදී සාකච්ඡා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
“බස්නාහිර පළාතේ විවෘත කිරීම සබැඳිව හෙට දිනයේ බොහෝදුරට අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් කිරීමට නියමිතයි. අතිගරු ජනාධිපතිතුමා ඊයේ කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රථමයෙන් කතා කළ කරුණ ඕක. විශේෂයෙන් ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකර ඉන්නේ නැතුව පාසල් හැකි පමණින් විවෘත කිරීමට කටයුතු කරන්න කියලා ඊයේ උපදෙස් ලබා දුන්නා. මේ අනුව බොහෝදුරට ඉදිරි දින කිහිපය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතක් වශයෙන්ද, නැත්නම් දිස්ත්‍රික්ක වශයෙන්ද, නැත්නම් පාසල් වශයෙන්ද, විවෘත කිරීම මොන ආකාරයෙන් විවෘත කරනවාද යන්න පිළිබඳ රටට දැනුම්දීමට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන්නට පුළුවන්“






















