Tuesday, September 1, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ පියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ පියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ පියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර්  නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මෙම පැමිණිල්ල අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් එම නියෝගය කරනු ලැබීය.

කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය සලකා බැලීමෙන් පසුව අදාළ සැකකරු තවදුරටත් ලබන 02 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

එදින ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img