Monday, August 31, 2026
HomeNEWSස්වර්ණමහල් ෆයිනැන්ෂල් අධ්‍යක්ෂවරුන්ගෙන් අපේක්ෂිත ඇප පෙත්සම්

ස්වර්ණමහල් ෆයිනැන්ෂල් අධ්‍යක්ෂවරුන්ගෙන් අපේක්ෂිත ඇප පෙත්සම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා  ස්වර්ණමහල් ෆයිනැන්ෂල් සර්විසස්  සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (21) දින කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එම අපේක්ෂිත ඇප අයදුම්පත් අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන ලෙසය.

අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ විසින් අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි.

ඔවුන් සඳහන් කර සිටින්නේ තම සමාගමේ සිදු වූ බව කියන රුපියල් බිලියන 03ක් පමණ මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට ගැනීමේ සූදානමක් පවතින බවය. 

එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියමකරන ලෙස ඉල්ලමින් ඔවුන් අධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img