මත්කුඩු මිලදී ගැනීම සඳහා තම වකුගඩු පවා විකිනු පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මහරගම පොලීසියෙන් වාර්තා විය.
ඒ, එම පුද්ගලයා ව රෙදිපිළි සොරකමක් සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.
අත්අඩංගුවටගත් සැකකරු සොරාගෙන ඇති රෙදිපිළි මහරගම හයිලෙවල් පාර පදික වේදිකාවේ වෙළෙඳුන්ට අයත් බවත් එවායේ වටිනාකම රුපියල් ලක්ෂ 15කට ආසන්න බවත් අප වාර්තාකරු පැවසීය.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 150ක් ද සොයාගෙන තිබේ.
පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 36 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






















