ප්‍රධාන පෙළේ විෂබීජනාශක දියර නිෂ්පාදන ආයතනයක නාමය භාවිත කරමින් ව්‍යාජ විෂබීජනාශක දියර අලෙවි කළ පුද්ගලයෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහනුවර අලිමුඩුක්කුව ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක් මගිනි.
අදාළ අලෙවිසැළේ තිබී අලෙවිය සඳහා සුදානම් කර තිබු ව්‍යාජ විෂබීජනාශක දියර තොගයක් සහ අලෙවි කරමින් සිටි විෂබීජනාශක දියර බෝතල් කිහිපයක් පොලීසිය සිය භාරයට ගනු ලැබීය.
ප්‍රධාන පෙළේ විෂබීජනාශක දියර නිෂ්පාදන ආයතනයක වෙළෙඳ නාමය භාවිත කරමින් එම දියර අලෙවි කර ඇති බවට ලැබූ පැමිණිලි හේතුවෙන් වැටලීම සිදුකර තිබේ.
පොලීසිය සිදුකළ ප්‍රශ්නකිරීම් මගින‍් අනාවරණය වී ඇත්තේ මේ වන විටත් එම ව්‍යාජ විෂබීජනාශක දියර දිවයින පුරා බෙදාහැර ඇති බවය.






















