Monday, August 31, 2026
HomeNEWS"ස්වදේශිකත්වය බලගැන්වීම තුළ මෙරට ව්‍යවසායකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි පරිදි ඉදිරියට...

“ස්වදේශිකත්වය බලගැන්වීම තුළ මෙරට ව්‍යවසායකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි පරිදි ඉදිරියට එන බවට ‘ජාත්‍යන්තර මට්ටමේ YOO පාවහන් සන්නාමය බිහිවීම’ හොඳ නිදසුනක් !”

“ස්වදේශිකත්වය බලගැන්වීම තුළ මෙරට ව්‍යවසායකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි පරිදි ඉදිරියට එන බවට ‘ජාත්‍යන්තර මට්ටමේ YOO පාවහන් සන්නාමය බිහිවීම’ හොඳ නිදසුනක් !”

ස්වදේශිකත්වය බලගැන්වීම තුළ මෙරට ව්‍යවසායකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි පරිදි ඉදිරියට එන බවට ‘YOO පාවහන් සන්නාමය’ යටතේ ජාත්‍යන්තර පාවහන් වෙළඳපොළ ආක්‍රමණය කළ හැකි පාවහන් නිපදවිය හැකි කර්මාන්ත ශාලාවක් සරසවි ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ සභාපති හේමන්ත පෙරේරා මහතා විසින් අද පන්නිපිටියේ දී ඇරඹීම හොඳ නිදසුනක් යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) මාකුඹුර, පන්නිපිටියේ පිහිටි සරසවි ඉන්ඩස්ට්‍රීස් සමාගමට අනුබද්ධ YOO බ්‍රෑන්ඩ්ස් පුද්ගලික සමාගම් පරිශ්‍රයේදී එම YOO පාවහන් සන්නාමය ජනගත කිරීමේ උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

YOO පාවහන් සන්නාමය ජනගත වෙයි 

“කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස මා සතුටටත්, අභිමානයටත් පත්වෙනවා අපේ රටේ දේශීය කර්මාන්තකරුවකු ජාත්‍යන්තර මට්ටමේ සන්නාමයක් ජනගත කිරීම සඳහා පවත්වන මෙම සුවිශේෂී උත්සවයට ඇරයුම් කිරීම පිළිබඳව. වසංගත තත්ත්වයකට මුහුණ දී සිටියදී එම වසංගත තත්වය හමුවේ පරාජිත මානසිකත්වයකින් පසුබසින්නේ නැතිව දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා අද අපේ ව්‍යවසායකයන් විවිධ අංශවලින් ඉදිරියට එමින් සිටිනවා. පසුගියදා ලෝකයට ඉතාම ඉහළ ප්‍රමිතියෙන් යුත් ටයර් නිපදවිය හැකි ටයර් නිෂ්පාදනාගාරයක් විවෘත කරනු ලැබුවේ ද අපේ දේශීය ව්‍යවසායකයකු විසිනුයි.

මේ වන විට දේශීය ව්‍යවසායකයන් අපේ රටේ වෙළඳපොළ අවශ්‍යතාව සැපිරීමට පමණක් නොවෙයි විදේශ වෙළෙඳපොළ ජයගතහැකි කර්මාන්ත අරඹමින් තිබෙනවා. වසංගත රෝග තත්ත්වය හා රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට අපේ රජයට ඇතැම් භාණ්ඩ සඳහා ආනයනික සීමා ඇති කිරීමට සිදු වූවා. ඒ අනුව එම භාණ්ඩ දේශීයව නිපදවීමට ඉමහත් විශ්වාසයෙන් යුතුව දේශීය ව්‍යවසායකයන් ඉදිරිපත්ව සිටිනවා. අද දින ජාත්‍යන්තර සන්නාම හා සම තත්වයේ පාවහන් පෙළක් YOO නැමැති දේශීය සන්නාමය යටතේ හඳුන්වා දීම සඳහා සරසවි ඉන්ඩස්ට්‍රීස් ව්‍යාපාර සමූහයේ සභාපති හේමන්ත පෙරේරා මහතාට ධෛර්යය ඇති වන්නේ ඉහත කී ඉමහත් විශ්වාසය නිසයි.

‘ස්වදේශිකත්වය බලගැන්වීම’

අපේ මුතුන්මිත්තන් අපේ රටේ ඉතිහාස කතාව තුළ රඟ දැක්වූ භූමිකාව සුවිශේෂී එකක්. ලෝකයේ ඉපැරණිම රේගු  මුද්‍රාව හමුවන්නේ මෙරටින්. අපි ලෝකයේ සෑම රටකටම පෙර රේගු බදු අය කළ රට බවයි ඉන් පෙනී යන්නේ. ඉපැරැණිම රෝහලේ නටබුන් සොයා ගන්නෙත් මේ රටින්. ඒ කියන්නේ ලෝකයේ කාටත් කලින් රෝහලක් හදලා රෝගීන් සුවපත් කළ රට අපයි. ලෝකයේ පැරණිම ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලය ද හමුවන්නේ මේ රටින්. ඒ වගේම අද පම්පෝරි ගහන විදේශිකයන් කොළ අතු ඇඳගෙන ඉන්නා කාලයේ තමයි මහා අභිමානවත් ලෝවාමහාපාය මහල් නවයකින් සමන්විතව අපේ මුතුන් මිත්තන් ඉදිකරනු ලැබුවේ. අපේ ඉතිහාසය අපට කියා දෙනවා, ‘අපි ස්වෝත්සාහයෙන් නැඟී සිටිය හැකි ජාතියක්’ කියා. ස්වෝත්සාහය, ස්වයං අභිමානය හා ස්වදේශිකත්වය බලගන්වනවා කියන්නේ තව තව අපේ ව්‍යවසායකයන් මේ විදිහට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි පරිදි ඉදිරියට එනවා කියන එකයි.

අපේ දේ අභිමානයෙන් මිලදී ගන්නා මානසිකත්වයක් 

ඉහත තත්ත්වයට ගැළපෙන ආකාරයට අද මේ රටේ ජන මානසිකත්වය ද හැඩ ගැසී තිබෙනවා. අප රටේ නිපදවන දේ අභිමානයෙන් යුතුව මිලදී ගන්නා මානසිකත්වයක් සමාජය තුළ , විශේෂයෙන් තරුණ පරපුර තුළ ඇතිව තිබෙනවා. එම ප්‍රබෝධය උපයෝගී කරගෙන මෙවැනි කර්මාන්ත වැඩි වැඩියෙන් හෙට දවසේ බිහිවන බව මාගේ විශ්වාසයයි. අවසන් වශයෙන්, ‘YOO සන්නාමය’ ජාත්‍යන්තර වෙළඳපොළ ආක්‍රමණය කරන සන්නාමයක් බවට පත් වේවා !’ කියා ප්‍රාර්ථනය කරනවා. ඒ වගේම මේ රටේ අභිමානය ලෝකයකට රැගෙන යාමට පියවර ගත් හේමන්ත පෙරේරා මැතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ සුබ පැතුම් එක්කරනවා. “

මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සුබ පැතුම් එක් කළ අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද අදහස් දක්වනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img