ජාතික රෝහල් පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක වූ ගිනි පොළීකාරයෝ
කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළදීම එහි සුළු සේවකයින්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගන්නා යුවළ ක් පිළිබඳ ව අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා විය.
රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවක් හා ඇයගේ සැමියා වසර 28ක් මුළුල්ලේ සිදුකර ඇති එම ජාවාරම මෙසේය.
එම යුවළ කොළඹ ජාතික රෝහලේ පවිත්‍රතා අංශයේ සේවයේ නිරත සුළු සේවකයින්ට අධික පොළීයට මුදල් ලබා දී අයථා ඇපකරයක් මත එම මුදල් අය කරගනී.
ඒ පිළිබඳ ව යුවලක් පිළිබඳව “අද දෙරණ” උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණි.
ඒ අනුව “අද දෙරණ” උකුස්සා ජාතික රෝහලට ළඟා වන විටත් අදාළ යුවළ රෝහලේ සුළු සේවකයින්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගනිමින් සිටි අයුරු දැක ගත හැකි විය.
උකුස්සා අදාළ යුවලගෙන් මේ පිළිබඳ ව විමසීමේදී ඔවුන් පැවසුවේ, තමන් එහි සේවකයින්ට ලබාදුන් ආහාරවලට අදාළ මුදල් ලබාදීම සඳහා එහි පැමිණ සිටින බවය.
කෙසේ වෙතත්, ඔවුන්ගේ යතුරු පැදිය පරීක්ෂාකර බැලීමේදී එහි තිබී බැංකු ඉතුරුම් පොත්, එම ගිණුම්වලට අදාළ මුදල් යළි ලබාගැනීමේ කාඩ්පත්, රහස්‍ය අංක හා ඒවායේ හිමිකරුවන්ගේ ජාතික හැදුනුම්පත් සොයා ගැනීමට හැකිවිය.
අදාළ හැඳුනුම්පත් හා ලියකියවිලි ඇපකරයක් ලෙස තමා සන්තකයේ තබා ගනිමින් රෝහල් සුළු සේවකයින්ට අධික පොළී යට මුදල් ලබා දෙන බවට එහිදී ඔවුන් පිළිගත්තේය.
කොවිඩ් ව්‍යප්තිය හිස ඔසවා ඇති වටපිටාවක රෝහල තුළට බාහිර පුද්ගලයින් ඇතුළුවීම සීමාකර ඇති පසුබිමකදී මෙලෙස රෝහල තුළට අදාළ යුවල ඇතුළුවීම පිළිබඳව රෝහලේ ආරක්ෂක අංශ පැවසුවේ එවාට සහය දක්වන පිරිසක් සිටින බවය.
බොරැල්ල, වනාතමුල්ලේ පදිංචිකරුවන් වන අදාළ යුවල මරදාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් මරදාන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ ලබාගත්තේය.
එහිදී අනාවරණය වූයේ, ජාතික රෝහලේ සුළු සේවකයින්ට අධික පොළීයට මුදල් ලබා දී, ඒ වෙනුවෙන් ඇපකර ලෙස ඔවුන්ගේ ජාතික හැදුනුම්පත්, මාසික වැටුප බැරවන බැංකු ඉතුරුම් පොත්, ඒවාට අදාළ මුදල් යළි ලබාගැනීමේ කාඩ්පත් හා රහස්‍ය අංකය ලබාගෙන ඇති බවය.
අදාළ කාන්තාව රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් බවත්, ඔවුන් වසර 28ක් තිස්සේ එය සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය විය.
බැංකු ගිණුම්වල සියලු මුදල් ලබාගෙන, තමන්ට අයත් පොළී මුදල ඉන් ලබාගෙන ඉතිරි මුදල් ඒවායේ හිමිකරුවන්ට ලබා දී ඇත්තේ දින 2කට පසුවය.
වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැදුනුම්පත් තමා සන්තකයේ තබා ගැනීම මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත උල්ලංඝනය වීම, බලහත්කාරයෙන් වෙනත් පුද්ගලයින්ගේ බැංකු කාඩ්පත් හා රහස්‍ය අංක ලබාගැනීම ආදි කරුණු සම්බන්ධයෙන් සැකකරුවන් මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
අන් අයගේ බැංකු ගිණුම් උපයෝගී කරගෙන සිදුකරන කප්පම් ලබාගැනීම් ඇතුළු අපරාධ සඳහා මං විවර කරන මෙවැනි වංචනික ක්‍රියා ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සූදානම්.






















