Monday, August 31, 2026
HomeNEWSපාසල් ප්‍රවාහන රථවල රියදුරන් සහ සහායකයින්ටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

පාසල් ප්‍රවාහන රථවල රියදුරන් සහ සහායකයින්ටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

පාසල් විවෘතවීමෙන් පසුව ළමුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්නේදැයි රථවාහන පොලිස් නිලධාරීන් විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව හෙට (25) සිට පාසල් ප්‍රවාහන රථවල රියදුරන් හා සහායකයන්ට ද අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කරඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර ඊයේ (23) දින මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගයින් 09 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා 2734 දෙනෙකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති අතර 2600කට නඩු පවරා තිබේ.

නිරෝධායන රීතීන්ට අනුව ආයතන පැවැත්වෙන්නේ දැයි පරීක්ෂා කිරීම් ද අඛණ්ඩව සිදුකෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොදූ ස්ථානවල, දුරගමන් බස් රථවල මගීන් සඳහා සහ සතිපොළ භූමිවල රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණ අද දිනයේත් ක්‍රියාත්මක ය.

මේ අතර ඊයේ (23) දින කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළට ටෙනිස් බෝල 02 තුළ මත්ද්‍රව්‍ය සඟවා එවා තිබියදී සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක එවැනි සිද්ධියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව එය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img