Monday, August 31, 2026
HomeNEWSකොවිඩ් ආසාදිත බව කියූ මන්ත්‍රී තවමත් නිවසේ

කොවිඩ් ආසාදිත බව කියූ මන්ත්‍රී තවමත් නිවසේ

කොවිඩ් ආසාදිත බව කියූ මන්ත්‍රී තවමත් නිවසේ

කොවිඩ් ආසාදිත බවට ඊයේ (25) හඳුනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (26) පස්වරුව වනවිටත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙනගොස් නොතිබුණු බව වාර්තා විය.

ඒ අනුව මන්ත්‍රීවරයා, සිය පවුලේ සාමාජිකයින්, කාර්යමණ්ඩලය සහ ආශ්‍රිතයෙක් වූ යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්ද සමග ඔහුගේ පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටී.

එහිදී, “මම ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මම මේ බලාගෙන ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකට මාව ගෙනියනකම්. වෙහෙසකර භාවය නිසා යම් යම් ප්‍රමාදයන් ඇති වෙනවා. මං ඒක තේරුම් අරන් ඉන්නේ,” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පැවසීය.

වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන නොයෑම සම්බන්ධයෙන් යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මන්ත්‍රීවරයා තෙල්දෙණිය ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා රැගෙන යෑමට සියල්ල සූදානම් කරඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img