Monday, August 31, 2026
HomeNEWSදිස්ත්‍රික්ක 20කින් හඳුනාගත් ආසාදිතයෝ

දිස්ත්‍රික්ක 20කින් හඳුනාගත් ආසාදිතයෝ

දිස්ත්‍රික්ක 20කින් හඳුනාගත් ආසාදිතයෝ

ඊයේ (28) දිනයේ දී හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 298ක් ලෙසය.

ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 892ක් හඳුනාගත් අතර ඉන් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොම්පඤ්ඤවීදියෙන් හා මට්ටක්කුලියෙන් වාර්තා වී තිබේ.

මීට අමරතව කොටුව, බොරැල්ල, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, මොරටුව හා කොළඹ නගර සීමාවෙන් හමුව තිබේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ ආසාදිතයින් 203 දෙනෙක් හමුව තිබුණි.

ඉන් වැඩිම පිරිසක් ලෙස ආසාදිතයින් 26 දෙනෙක් වත්තලින් වාර්තා වී ඇත.

මීට අමතරව රාගම, කැලණිය, කදාන, දිවුලපිටිය හා ජාඇළ යන ප්‍රදේශවලින් ද ආසාදිතයින් වැඩි වශයෙන් හමුව තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 20 කින් ආසාදිතයින් 852ක් වාර්තා වී ඇත. 

ඒ කළුතර 42ක්, මහනුවර 56ක්, ගාල්ල 34ක්, අම්පාර 14ක්, මාතර 35ක්, මන්නාරමේ 6ක්, නුවරඑළියේ 11ක්, හම්බන්තොට 7ක්, කුරුණෑගල 37ක්, පොළොන්නරුව 11ක්, මාතලේ 2ක්, පුත්තලම 8ක්, කෑගල්ලේ 10ක්, රත්නපුර 37ක්, මොනරාගල 3ක්, අනුරාධපුරයේ 36ක් හා මඩකලපුවෙන් හා බදුල්ලෙන් එක් ආසාදිතයා බැගිනි.

මේ අතර ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංථඛ්‍යාව 19,420කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img