Monday, August 31, 2026
HomeNEWSපාර්ලිමේන්තුවේදී පැවැත්වෙන පී සී ආර් පරීක්ෂණ සදහා මන්ත්‍රීවරුන්ට ආරාධනා කෙරේ

පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන පී සී ආර් පරීක්ෂණ සදහා මන්ත්‍රීවරුන්ට ආරාධනා කෙරේ

පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන පී සී ආර් පරීක්ෂණ සදහා මන්ත්‍රීවරුන්ට ආරාධනා කෙරේ

පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් කාර්ය මණ්ඩලය අහඹු ලෙස පී.සී.ආර්.පරීක්‍ෂණයට ලක් කිරීම සිදුකරන අතර එම පරීක්‍ෂණ අවස්ථාවන්ට ඉදිරිපත්වන ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව, ඉදිරියේ දී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලසීමාවන්හීදී මෙන් ම, නොපැවැත්වෙන කාලසීමාවන්හීදී ද සතියකට වරක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

මේ අතර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වසන්ත යාපා බණ්ඩාර මහතා ආසාධිත බව දැනගැනීමෙන් පසු ඔහු සමඟ සුළු වශයෙන් ඇසුරක් පවත්වා ඇති බවට වාර්තා වූ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගරු උපුල් ගලප්පත්ති මහතා ස්වේච්චාවෙන් ම, පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණවලට ඉදිරිපත්ව, ආසාධිත නොවන බවට ලැබී ඇති වෛද්‍ය වාර්තා දැනටමත් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කර ඇත.

2021 ජනවාරි මස 13 වැනි දින සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩ සටහන් යටතේ අවසන් වරට 190 දෙනෙකු ජනවාරි 25 වන දින පරීක්‍ෂාවට භාජනය කරන ලද අතර එම සියලු දෙනා ආසාධිත නොවන බවට තහවුරු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img