Monday, August 31, 2026
HomeNEWSකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයෙකුට කොවිඩ්

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයෙකුට කොවිඩ්

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයෙකුට කොවිඩ්

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

අදාළ ගුරුවරයාගේ ආශ්‍රිතයෙකු මීට පෙර කොවිඩ් ආසාදිතයෙකු ලෙස වාර්තා වීමත් සමග එම ගුරුවරයා ජයවර්ධනපුර රෝහලේ සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකින් ආසාදිත බව තහවුරු විය.

ගුරුවරයා රැඳී සිටි ස්ථාන විෂබීජහරණය කිරීමට අද (29) පියවරගත් අතර ගුරුවරයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ගුරුවරුන් 38 දෙනෙකු සහා සිසුන් 33 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට තීරණය කර තිබේ.

අනෙක් සිසුන්ව යළි රැගෙන යන ලෙසට විදුහල් බලධාරීන් විසින් මව්පියන්ට දැනුම් දී තිබූ බව වාර්තා වේ.

මේ අතර හම්බන්තොට වලස්මුල්ල උතුරු කණුමුල්දෙණිය මහ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුවෙකුගේ ඥාතියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමග එම සිසුවා අද පාසලට පැමිණ සිටීම හේතුවෙන් සෙසු දරුවන්ව රැගෙනයාමට මව්පියන් කටයුතු කර තිබුණි.

පස්සර ජාතික පාසලේ තවත් සිසුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන අතර එම පාසල ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 18 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img