කොවිඩ් මරණ 8ක් – සමස්තය 300 ඉක්මවයි
අද (29) කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 305කි.
ඒ අනුව කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 292කි.
අද වාර්තා වූ කොවිඩ් මරණ 8 කොළොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයින්දමරුදු සහ රත්නපුර යන ප්‍රදේශවලින් වාර්තා වුණි






















