කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (29) දිනය තුළ නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 313 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් ආසාදිතයින් 74 දෙනෙකු ගොතටුව ප්‍රදේශයෙන් වාර්තා වන බවය.
කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 60 දෙනෙකු, දෙහිවල ප්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු සහ කොළඹ මහ නගර සීමාව තුළින් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මීට අමතරව ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 859 දෙනාගෙන් 211 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
ඉන් ආසාදිතයින් 16 දෙනෙකු රාගම ප්‍රදේශයෙන් වාර්තා වන අතර කඩවත ආසාදිතයින් 14ක් හා කැලණියේ ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
මීට අමතරව ඊයේ දිනය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 47 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 22 කු වාර්තා වී ඇති බව සඳහන් වේ.






















