Monday, August 31, 2026
HomeNEWSධූර කාලය නිමවා මෙරටින් පිටව යන තායිලන්ත තානාපතිතුමිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...

ධූර කාලය නිමවා මෙරටින් පිටව යන තායිලන්ත තානාපතිතුමිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

ධූර කාලය නිමවා මෙරටින් පිටව යන තායිලන්ත තානාපතිතුමිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

ධූර කාලය නිමවා මෙරටින් පිටව යන තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවන් මහත්මිය (H. E. Mrs. Chulamanee Chartsuwan)  සහ තානාපති කාර්යාලයේ කොන්සුලර් තයතත් කන්ජනපිපත්කුල් මහතා (Mr. TayatatKanjanapipathkul),  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජේරාම  නිවසේදී අද (29-01-2020) පෙරවරුවේ හමුවිය.

ඇයගේ ධුර කාලය පුරාවටම ඇයට ලැබුණු සහයෝගයට තානාපතිවරිය අගමැතිවරයාට සහ රජයට ස්තූතිය පුද කළාය. කෙටි කලකින් පත්වීමට නියමිත අභිනව තායිලන්ත තානාපතිතුමා/තුමිය,  වසර ගණනාවක් පුරා ඇයට ලැබුණු සහයෝගයම භුක්ති විඳිනු ඇති බවට විශ්වාසය පලකළ තානාපතිවරිය, එම අනුප්‍රාප්තිකයා රජය සමඟ දෙරටටම ඵලදායි ද්විපාර්ශවික සම්බන්ධතාවයක්  ඇති කර ගනු ඇතැයි පැවසීය. 

දෙරට අතර සාකච්ඡා වෙමින් පවතින තායිලන්ත ආයෝජනයක් සහිත වවුනියාවේ සීනි කර්මාන්ත ශාලාව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ දෙරට අතර උපායමාර්ගික ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම දීර්ඝ කිරීම පිළිබඳ කරුණු  තායිලන්ත තානාපතිතුමිය ඉස්මතු කළ අතර මේ කාරණා දෙකම කඩිනමින් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා තානාපතිවරියට සහතික විය.

අග්‍රාමාත්‍යවරයා සිය ධූර කාලය නිමවා මෙරටින් පිටව යන තායිලන්ත තානාපතිතුමියට ඇගේ සියලු අනාගත ප්‍රයත්නයන් සදහා සුබ පැතුම් එක් කළ අතර තායිලන්ත, ශ්‍රී ලංකාව සමඟ පවත්නා අඛණ්ඩ සහයෝගය සහ මිත්‍රත්වය පිළිබද  ස්තූතිවන්ත විය.

මෙම අවස්ථාව සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අමාත්‍යතුමා ද  සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img