දැන් සිංහනාද කෝ?
ආණ්ඩුවේ ඉස්සර තිබූ සිංහ නාද දැන් නැති බවත්,දේශීය සම්පත් සුරක්ෂිත කරනවා වෙනුවට වෙන්දේසි කරනු ලැබේ කියා දැන්වීම් දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොනරාගල බුත්තල ඇතිලිවැව “සත්කාරය” විපක්ෂ නායක ජංගම සේවයේදී පැවසීය.
මේ වන විට තමුන්නාන්සේලා දුෂ්කරතා රාශියකට මුහුණ දෙනවා . බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න තිබෙනවා .දූ දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරුව ,online පහසුකම් ලබා දෙන්නට බැරුව ,මේ අහිංසක අපේ රටේ පුරවැසියන් දැඩි දුෂ්කරතාවයකට ලක්වෙලා තිබෙනවා .හැබැයි තමුන්නාන්සේලාගේ දුක වර්තමාන පාලකයින්ට තේරෙන්නේ නැහැ . දෙමව්පියෝ උත්සාහ කරනවා දූදරුවන්ට ශක්තිමත් අධ්‍යාපනයක් ලබා දෙන්න .ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ඒ අවශ්‍ය උපකරණ ටික ලබා දෙන්න .නමුත් දෙමව්පියන්ට කර ගන්නට හැකියාවක් නැහැ . නමුත් රට පාලනය කරන මහේශාක්‍ය දේශපාලනඥයින් මොනවද කරන්නේ ? දූ දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරනවා වෙනුවට කුළුණු හදනවා .නෙළුම් කුළුණ කියයි ,දැන් ලඟදි පටන් අරන් තියෙනවා මැණික් කුළුනක් හදන්න . මේ ඔක්කොම කුළුණු හදන්නේ පිටරටවල් වලින් ණයට සල්ලි අරගෙන.කුළුණු හදන්නට ණය ගන්නවා ,හැබැයි අධ්‍යාපනය දියුණු කරන්නට සම්පත් වෙන් කරන්නෙ නෑ. අද රටේ මොකක්ද වෙන්නේ? අද රටේ ජාතික සම්පත් ජාතික දේපල විකුණා දමන යුගයක් .ජාතික සම්පත් ජාතික දේපල ජමරෙට වෙන්දේසි කරන යුගයක් . මෙය වෙන්දේසිය වර්තමාන රජය කළ යුතුමයි කියලා කියන්නේ පුහු දේශපාලන අවශ්‍යතාවය අනුව .දැන් පුහු දේශපාලනය නිසා රටේ දේපල, රටේ ඉඩකඩම්, රටේ සම්පත් විකුනන අය කියන එක ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී කිව්වේ නෑ.ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී අපිට අහන්නට ලැබුණා රට රකිනවා, රට ආරක්ෂා කරනවා,එක වැලි කැටයක් වත් පිටරටට විකුණන්නෙ නෑ ,එක බිම් අඟලක්වත් පිට රටට ලබා දෙන්නෙ නෑ ,එහෙව් සිංහනාද තමයි අපට අහන්නට ලැබුණේ.දැන් කෝ මේ රට ආරක්ෂා කරන රට සුරකින රටට ජීවය ප්‍රාණය ලබාදෙන සිංහනාද? ජනාධිපතිවරණයේ මහ මැතිවරණයේ සිංහනාද අද අතුරුදහන් වෙලා . අද රාජ්‍ය පාර්ශවය ගොළු වෙලා. ලොකු අවශ්‍යතාවයන් නිසා විකුනන්න ඕනේලු.අර කෑල්ල විකුනන්නේ නැත්නම් මේ කෑල්ල විකුනන්න ඕනේලු. එක කෑල්ලක් අහවලාට දෙන්න ඕනේලු . මේ කෑල්ල අහවලාට දෙන්න ඕනේලු . කෑලි කෑලි වලට කඩලා අපේ රට ජාත්‍යන්තර විකිණීම ක ට හුදු වෙන්දේසියකට පුහු දේශපාලනය කියන නාමයෙන් geopolitics කියන නාමයෙන් රට කුණුකොල්ලෙට විකුණන මහා ජාවාරමක් අද ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මම පැහැදිලිව කියන්න කැමතියි මේ රටේ මේ කෑල්ල අහවලාට ,අර කෑල්ල අහවලාට ,අර කොටස මේ බලවතාට එහෙම රටේ ජීවය ප්‍රාණය සම්පත දේපල ඉඩකඩම් තුට්ටු දෙකට වෙන්දේසි කරපු යුගය සමගි ජන බලවේගය අපි ඒකාන්තයෙන්ම පරදවනවා .පරදවනවා පමණක් නොවේ අපේ රටේ ජාතික සම්පත ජාතික දේපල කුණු කොල්ලෙට විකුණන මේ දුෂ්ඨ ක්‍රියාවට එරෙහිව සමගි ජන බලවේගය නියතවශයෙන්ම රාජ්‍ය දේපල සුරකින විපක්ෂය බවට කටයුතු කරලා රටේ සැබෑ ප්‍රෞඩත්වය සැබෑ දේශමාමකත්වය සැබෑ දේශහිතෛෂී ත්වය ස්ථාපනය කරමින් රට සුරකින ගමන ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවයි කියන එක ආදරණීය ජනතාවට මේ අවස්ථාවේ කියන්න කැමති . ජාතියේ මේ මහා පාවාදීම පරාජය කරන්නට ඕනේ . කොටසින් කොටස කෑල්ලෙන් කෑල්ල අපේ රට ජාත්‍යන්තර ඉඩකඩම් වෙන්දේසියට යොමු කරන ඒ දුර්දාන්ත ක්‍රියාව තරයේ හෙලා දකිනවා .මතක තබා ගන්න ඕන 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ජනාධිපතිවරණයේ ත් මහා මැතිවරණයේ ත් රට සුරකිනවා කියන සිංහනාද ය අහල තමයි මේ වර්තමාන රජයට දැවැන්ත වරමක් ලබලා දුන්නෙ . අද ජනවරම මේ තුට්ටු දෙකේ ආණ්ඩුව පාවා දීලා හමාරයි . ජනතා විශ්වාසය කඩ කරල හමාරයි . අපේ රට සබැවින්ම ආරක්ෂා කරන එකම බලවේගය සමගි ජන බලවේගයයි.
මම තමුන්නාන්සේලාට පැහැදිලි හෘදයාංගම පොරොන්දුවක් ලබා දෙනවා අපේ රජයක් තුළ රටේ දේපළ, සම්පත්, ආයතන වෙන්දේසි කරපු යුගය වහාම නතර කරලා නැවතත් වරක් මේ රටේ ලක්ෂ 220 ක ට අයිති අපේ මේ භූමිය සුරකින ගමන ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා . ඒ වගේම අපිට අහන්නට ලැබුණා ජනාධිපතිවරණයේ ත් මහා මැතිවරණයේ ත් අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම මේ රටේ මව් පරපුරත් දරු පරපුරත් සුරක්ෂා කරනවා කියලා දුන් පොරොන්දුව . නමුත් අද දරු පරපුරත් අමතක කරලා මව් පරපුරත් අමතක කරලා . අද පාසල් යන දූදරුවන්ට ,රටේ සියලුම දූ දරුවන්ට නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන අද නතර වෙලා. ඒ වැඩසටහන හරියාකාරව සිදු වෙන්නේ නෑ . හරි නම් ජනවාරි ආරම්භ වන පාසල් වලට නිල ඇඳුම දෙන්නට ඕන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසේ .නමුත් ජනවාරි මාසේ අවසානය වෙලත් බොහෝ පාසල් වලට නිල ඇඳුම ලැබිලා නෑ . ඔය විතරක් නෙමෙයි අධ්‍යාපනය කරගෙන යෑම සඳහා දූ දරුවන්ට පහසුකම් නෑ . මේ ජංගම සේවයෙන් ම ඉස්මතු වුණා මේ ග්‍රාමීය පාසල් වල තිබෙන දුෂ්කර තත්වය . ඔය කුළුණු හදන්නට පෙර ඇයි මේ පාසල් පද්ධතිය දියුණු කරන්නට අපේ රට සතුව තිබෙන සීමිත මුදල් ,සීමිත සම්පත් පාවිච්චි නොකරන්නේ ?
කණගාටුවෙන් හෝ කියන්නට ඕන , වෙනදට ගර්භනී මව්වරුන්ට කිරි දෙන මව්වරුන්ට බර අඩු/ අඩාල වන දරුවන්ට , ඔය වගේම අඩු ශරීර ස්කන්ධ දර්ශකයක් තිබෙන මව්වරුන්ට ත්‍රිපෝෂ ලබා දුන්නා . අලුත්ම රජයේ නියෝගය මගේ අතේ තිබෙනවා , වෙනදා සමස්ත කිරිදෙන මව්වරුන්ට ලබා දුන්නු ත්‍රිපෝෂ අද සීමා කරලා තිබෙනවා . ශරීර ස්කන්ධ දර්ශකය 18.5 කට අඩු මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ ලබා දෙන්න . එතකොට වෙනදට තිබුණු සමස්ත කිරි දෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂ අද කප්පාදු කරලා . මොන තරම් පහත් ක්‍රියාවක්ද ? මව් පරපුර කියන්නේ රටේ පුරවැසි පරපුර බිහිකරපු ,දස මාසයක් කුසේ තබාගෙන දරු පරපුර පෝෂණය කරපු ,ඒ මව් පරපුර අපි හදවතින්ම රකින්න ඕන නේද ? මේ රටේ මව් පරපුර දරු පරපුර හා සේම වටිනාම සම්පත නේද ? ඒක මේ වර්තමාන රජය පිළිගන්නේ නැත්තේ ? ඇයි කිරි දෙන හැම අම්මා කෙනෙකුටම ලබාදුන් ත්‍රිපෝෂ ය අද කපා හැරලා තිබෙන්නේ ? දැන් දානවා නීතියක් ශරීර ස්කන්ධ දර්ශකය 18.5 ට අඩු මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ ලබාදෙන්න කියලා. මේකට ද 69 ලක්ෂයක් 68 ලක්ෂයක් මහා ජන වරමක් ලබා දුන්නේ ? පැහැදිලිවම කියන්න කැමතියි මේ ත්‍රිපෝෂ සලාකය කප්පාදු කරපු කිරිදෙන මව්වරුන් වෙනුවෙන් ඒ නගන්නට ඕන හඬ ,ඒ කලයුතු මැදිහත්වීම අපි අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ ඉෂ්ටසිද්ධ කරනවා පමණක් නොවේ මේ රටේ මව් පරපුරත් දරු පරපුරත් මිනිස් පරපුරත් පුරවැසි පරපුරත් ජීවත් කරවීමේ ඒ වගකීම අපි සමගි ජන බලවේගය හැටියට ශක්තිමත් කරනවා .මොනයම් හෝ ආකාරයකින් ජීවත්වීමේ අයිතියට රජය මරු පහරක් එල්ල කරන කොට මේ රටේ ජනතාව සුරක්ෂා කරන ඒ මහා දැවැන්ත පළිහ බවට සමගි ජන බලවේගය අනිවාර්යෙන්ම පත් වෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා .






















