Monday, August 31, 2026
HomeNEWSවැඩ වර්ජන කරන්න දෙයක් නෑ මට ඇවිත් කිව්වානම් -අගමැති

වැඩ වර්ජන කරන්න දෙයක් නෑ මට ඇවිත් කිව්වානම් -අගමැති

වැඩ වර්ජන කරන්න දෙයක් නෑ මට ඇවිත් කිව්වානම් -අගමැති

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට හෝ ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ලේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය පිළිබඳව ගැටලුවක් මතුවෙලා තිබෙනවා, දිගින් දිගටම විපක්ෂය චෝදනා කරනවා.

“ඇත්ත වශයෙන්ම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි කාටවත් දෙන්නේත් නැහැ. විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි පැහැදිලිවම කියන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ දෙනවා කියලා. ඒ නිසා ඒක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. වැඩ වර්ජනය කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වානම් මම ඇත්තටම පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ සීයයට 99ක් ඉන්නේ විකුණන්න ඕනේ නැහැ කියන මතයේ. මේ දෙපළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයිනේත. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාකිත පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img