කෑගල්ලේ ප්‍රදේශයකට සංචරණ සීමා
කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට ඇතුළුවීම හා පිටවීම සීමාකර තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ, ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් පසු ආශ්‍රිතයින්ට සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ පී.සී.ආර් පරීක්ෂාවලින් පසුව එම ආසාදිතයින් හඳුනාගත් බවය.
කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයේ නිවෙස් 24න් 18ක්ම මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ අතර දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ (03) නව ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා විය.
ඔවුන් සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්.






















