Friday, August 28, 2026
HomeNEWSපුංචි ලෝකාන්තයේ දී තරුණයෙක් අතුරුදන්

පුංචි ලෝකාන්තයේ දී තරුණයෙක් අතුරුදන්

පුංචි ලෝකාන්තයේ දී තරුණයෙක් අතුරුදන්

මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයෙන් පුංචි ලෝකාන්තය නැරඹිමට ගිය පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, කළුතර මග්ගොන පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.

ලෝකාන්තය බැලීමට පැමිණි පිරිසක් කූඩාරම් ගසාගෙන එහි නතරවී සිට තිබේ. පසුව රාත්‍රී කාලයේදී සීතල වැඩි බව පවසා එක් පුද්ගලයෙක් වාහනයට යන බව පවසමින් පිටව ගොස් ඇත.

එහෙත් පිරිස පසුව කළ සොයා බැලීමකදී ඔහු පිළිබඳ හෝඩුවාවක් නොමැතිවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් ඒම ස්ථානය වෙත ගොස් ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් එහි ළඟා වෙමින් සිටී.

කෙසේවෙතත් අද දහවල් 12 පමණ වන විටත් අතුරුදන් වු පුද්ගලයා පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

ප්‍රදේශය තුළ පවත්නා අධික මීදුම් හා වර්ෂාව ඔහු සෙවීමේ කටයුතුවලට දැඩි බාධාවක් ව ඇතැයි මඩොල්සිම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියාසිටියේය.

අතුරුදහන් වූ පුද්ගලයා වැටෙන්නට ඇතැයි සැකකෙරෙන ප්‍රපාතයට කඹයක් යොදා අඩි දෙසීයක පමණ ප්‍රදේශයක් යුද හමුදාව විසින් නිරීක්ෂණය කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img