Friday, August 28, 2026
HomeNEWSයුග හතරක සිතුවම් සමඟ විනාශ මුඛයේ ඇති ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහා...

යුග හතරක සිතුවම් සමඟ විනාශ මුඛයේ ඇති ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහා ප්‍රතිසංස්කරණය කරන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

යුග හතරක සිතුවම් සමඟ විනාශ මුඛයේ ඇති ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහා ප්‍රතිසංස්කරණය කරන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

අනුරාධපුර, ගම්පොළ, මහනුවර හා කොළඹ යන යුග හතරට අයත් සිතුවම්වලින් සමන්විත ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහාම ප්‍රතිසංස්කරණය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය විනාශ මුඛයේ පවතින බවට පසුගිය දා ජාතික පුවත්පතක පළ වී තිබූ පුවතක් සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.

ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරයේ සිතුවම් ඇදි ස්ථාන බොහොමයක් අද වන විට විනාශ වෙමින් පවතින බවත්, ඒ් පිළිබඳව වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් සඳහන් කරමින් විහාරයේ භාරකාර ධූරය හොබවනු ලබන ඇඹිල්මීගම ධම්මකිත්ති හිමියන් අදාළ පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

ඵෙතිහාසික වටිනාකමකින් යුත් මෙම ලෙන් විහාරය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පිළියම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ උපදෙස් පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් ආරම්භ වනු ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්  හිඳගල ලෙන් විහාරයට ගොස් දැනටමත් ලබා දී ඇති නිර්දේශ අනුව මෙම ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img