Friday, August 28, 2026
HomeNEWSජනමාධ්‍යවේදීන්ටත් කොවිඩ් එන්නත

ජනමාධ්‍යවේදීන්ටත් කොවිඩ් එන්නත

ජනමාධ්‍යවේදීන්ටත් කොවිඩ් එන්නත

කොවිඩ් වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා එම ඉල්ලීම සිදුකර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොරෝනා වසංගතය මෙරටින් හඳුනාගත් මොහොතේ සිට එහි තොරතුරු ජනතාවට ලබාදෙමින් විශාල කාර්යභාරයක නියැලෙන ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටුකරන ජාතික කාර්යභාරය අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා එම එන්නත ජනමාධ්‍යවේදීන්ට ලබාදීම සුදුසු බව අමාත්‍යවරයා පවසා ඇත.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මාධ්‍යවේදීන් 6,000 ක් පමණ සිය වෘත්තිමය කටයුතු සිදුකරනු ලබයි.

ඉන් 1,150 දෙනෙකු පමණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන බව වාර්තා වේ.

පසුගිය දින කිහිපය තුළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සංවිධාන විසින් එම එන්නත මාධ්‍යවේදීන්ට ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදුකළ බව අමාත්‍යවරයා පවසා තිබේ.

ඒ අනුව කඩිනමින් මාධ්‍යවේදීන් සඳහා ද කොවිෂීල්ඩ් එන්නත ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බවට අමාත්‍යවරයා සඳහන් කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img