මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයෙන්ම සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
එමෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ මෙවර ලිඛිත විභාගය පැවැත්වීමෙන් පසුව සිදුකරනු ලබන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, බස්නාහිර පළාතේ පාසල් ලබන 15 වනදා විවෘත කිරීමේ තීරණය අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
ඒඅනුව දිවයිනේ සියලු පාසල් මාර්තු මස 15 වනදා විවෘත කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.






















