Wednesday, August 26, 2026
HomeNEWSනාරාහේන්පිට“State Trust Center” (රජවාස)වෙළෙඳසංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ .....

නාරාහේන්පිට“State Trust Center” (රජවාස)වෙළෙඳසංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ …..

නාරාහේන්පිට“State Trust Center” (රජවාස)වෙළෙඳසංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ …..

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත  “State Trust Center” (රජවාස) වෙළෙඳ සංකීර්ණය අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරිණ.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර “රජවාස” වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත. 

එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන 78කින් සමන්විතය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාර රාජ්‍ය ව්‍යවසායකයන්ගේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මක භාණ්ඩ හා සේවා එක වහලක් යටදී සපයා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව උදා කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. 

දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ වෙළෙඳ සැල්වලට සැපයීමේ අවස්ථාව සැලසීම ද නව වැඩපිළිවෙළට අයත්ය.  

සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා වෙළෙඳ සැල් වෙත යමින් නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් සමග අදහස් හුවමාරු කර ගත්තේය. 

 බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ යන අමාත්‍යවරු, ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img