Wednesday, August 26, 2026
HomeNEWSදෛනික ආසාදිතයින් ගණන ඉහළ ගියේ ඇයි ?

දෛනික ආසාදිතයින් ගණන ඉහළ ගියේ ඇයි ?

දෛනික ආසාදිතයින් ගණන ඉහළ ගියේ ඇයි ?

වසංගත රෝග විද්‍යානූකූලව නිර්වචනය කිරීමේ දී කොවිඩ්-19 වෛරසය මෙරට තුළ මෙතෙක් සමාජගතව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

“අද දෙරණ බිග් ෆෝකස්“ වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – ඊයේ “අද දෙරණ“ ප්‍රවෘත්ති විකාශයේ වාර්තා වුණා සෞඛ්‍ය අංශ කරපු ප්‍රකාශයක්. එකක් තමයි රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා කියලා. ඇත්ත තත්ත්වය රෝගීන් වැඩිපුර වාර්තා වෙනවාද ? මේ රෝගීන් සංඛ්‍යාත්මකව මේ ප්‍රමාණය කොච්චරක්ද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් – පසුගිය දවස් 4ක – 5ක රසායනාගාර වාර්තා ලබාදීමේදී ප්‍රමාදයක් සිදුවුණා. අපේ PCR කට්ටල සහ අපේ ලැබ්වල තිබුණ ප්‍රශ්න වගයක් නිසා. මේ බැක්ලොග් එක තමයි ඊයේ ඉදලා ක්ලියර් කරන්න පටන් අරගෙන ගත්තේ එතකොට ඒ අනුව මේ වැඩිපුර ගණනක් පොසිටිව් වෙලා ආවේ ඊයේ. ඊයේ නවසිය ගණනක් පොසිටිව් වුණා අදත් ඒ විදියෙම ගාණක් එන්න පුළුවන්. අපිට තව දවසක් දෙක්ක යයි මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න.“

ප්‍රශ්නය – සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක් එල්ලවෙනවා දකුණු අප්‍රිකාවේ තියෙනවා කියන මේ කාණ්ඩය අපිට හදිසියේවත් ආවොත් අපි කොහොමද මුහුණදෙන්නේ පරීක්ෂණ කරන්න පුළුවන් යන්ත්‍ර තියෙනව ද? 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් –  “රජයේ රෝහල්වල නැතිවුණාට විශ්වවිද්‍යාලවල තියෙනවා.“

වෛද්‍ය අන්වර් හමිදානි මහතා – “සුමාන තුනකට කලින් වෛද්‍යවරියක් ලංකාවට එනවා ඒකෙදී අපි සැකකරනවා ඒ වෛද්‍යවරිය ඒ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු විය හැකි කියලා. ඒක අපි පරීක්ෂාවට ලක්කරනවා. ඒ පරීක්ෂණයෙදී හොයාගන්නවා එහෙම නෙමෙයි කියලා. අපේම රජයේ තියෙන යාන්ත්‍රණය තුළින් තමයි සොයාගත්තේ. ඒ නව ප්‍රභේදය හඳුනාගැනීම සඳහා අවශ්‍ය ක්ෂණික කටයුතු ලංකාවේ තවමත් සිදුකෙරෙනවා. ඒ හරහා හඳුනාගැනීම් සිදුවෙනවා.“

ප්‍රශ්නය – හැමදාම අහන ප්‍රශ්නය මේක තාම සමාජගත වෙලා වැද්ද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් –  “PCR කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරලා තියෙනවා. නමුත් අපේ පොසිටිව් රේට් එක තවමත් ඒ ගාණෙම තමයි තියෙන්නේ. සමාජ ගතවීමක් වෙලා තියෙනවානම් PCR කරන ප්‍රමාණයත් එක්ක එන්න එන්න පොසිටිව් රේට් එක වැඩිවෙන්නට ඕනේ. වැඩිවීමක් තියෙනවා නමුත් වසංගත රෝග විද්‍යානුකූලව තවම සමාජ ගතවීමක් කියන තත්ත්වයකට අපිට නිර්වචනය කරන්න බැහැ කියලා තමයි ඒ අය කින්නේ.“   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img