Wednesday, August 26, 2026
HomeNEWSකුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු හෙළිවේ

කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු හෙළිවේ

කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු හෙළිවේ

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකළ බවට සැකකෙරෙන කුෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව, ගුවන් තැපෑල ඔස්සේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1150ක් රේගු භාරයට ගත් බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේය.

අදාළ මත්ද්‍රව්‍ය තොගය පාර්සල් පහක අසුරා තිබු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධික බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එම මත්ද්‍රව්‍ය රේගුවට අයත් ගුදමක ගබඩා කර තිබු අතර එම පාර්සල්වල හිමිකරුකරුවන් එය මුදාගෙන යාමට නොපැමිණීම හේතුවෙන් සැකසිතූ රේගු නිලධාරීන් එහි ලිපිනයන් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් එම පාර්සල්වල ලිපිනයන් ව්‍යාජ ලිපිනයන් බවට තොරතුරු තහවුරුවීමත් සමග අදාළ පාර්සල් තොගය විවෘත කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇත.

එහිදි එම පාර්සල් තුළ තිබී කුෂ් නමැති එම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img