“දීඝවාපිය අරුණ” අරමුදල් රැස්කිරීමේ සමාරම්භක උත්සවයජනපති, අගමැති ප්‍රධානත්වයෙන්
දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය පිණිසඅරමුදල් රැස් කිරීමේ “දීඝවාපිය අරුණ” වැඩසටහනජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍යමහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දීඇරඹිණ.
සොළොස්මස්ථානවලින් එකක් වන දීඝවාපිය මෙරට දාගැබ්අතර විශාලත්වයෙන් සිව් වන ස්ථානය ගනී. බුදුන්වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර සද්ධාතිස්සරජතුමා විසින් චෛත්‍ය ඉදිකර තිබේ.
දීඝවාපිය විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේඉල්ලීමකට අනුව, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්‍රමුඛ සංරක්ෂණ කාර්යය ලෙස දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිණ.
ව්‍යාපෘතිය තෙවසරකදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීමවිශේෂත්වයකි. දෙස් විදෙස් අනුග්‍රාහකයන්ට ඊට මූල්‍යමෙන්ම ශ්‍රම දායකත්වය දිය හැකිය.
විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා පළමුව ආගමිකවතාවත්වල නිරත විය. සියම් මහා නිකායේ අස්ගිරිපාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායකහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරජනාධිපතිතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.
“යළි දකිමු දීඝවාපිය” වෙබි අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
“දීඝවාපිය අරුණට” පළමු දායකත්වය දෙමින් නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අඟුල්මඩුවේ අරියනන්ද හිමිපාණන් වහන්සේ පරිත්‍යාග කළ රු. මිලියන 100 ක මුදල සහිත චෙක්පත දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
බෞද්ධයා නාලිකාව රු. මිලියන 5 ක් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ලංකා බැංකුව, මහරගම පිළිකා රෝහල සහ සෙන්ට්‍රල් බෙයාරින් අධිපති සුදත් තෙන්නකෝන් මහතා ද සිය පරිත්‍යාග ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.
දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණයට සමගාමීව පුද බිම වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ශාලා 04ක් සහ කාමර 20කින් යුත් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමිපාණන් වහන්සේ, අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි, මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර්ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ද ත්‍රිවිධහමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහූ සහ රාජ්‍යනිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.






















