Tuesday, August 25, 2026
HomeNEWSඅගමැතිතුමා එක්ක මොන තරහක්ද ? කවුද කිව්වේ ? - විමල් වීරවංශ

අගමැතිතුමා එක්ක මොන තරහක්ද ? කවුද කිව්වේ ? – විමල් වීරවංශ

අගමැතිතුමා එක්ක මොන තරහක්ද ? කවුද කිව්වේ ? – විමල් වීරවංශ

අගමැතිවරයා තමා වෙත පැවසූ කරුණු මාධ්‍ය වෙත ප්‍රකාශ කළ නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ පවත්වන ප්‍රථම වෙළෙඳ ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතගේ ආරාධනයකට අනුව අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබීය.

එහිදී අගමැතිවරයා සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර අදහස් හුවමාරුවක් සිදුවී තිබුණි.

ඒ පිළිබඳව මාධ්‍ය මගින් කරුණු විමසූ අවස්ථාවේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ, “අගමැතිතුමා එක්ක මොන තරහක් ද? කවුද කියන්නේ එහෙම. අගමැතිතුමා මට කියපුවා මාධ්‍යට කියලා හරියනව ද?”

මාධ්‍යවේදියෙක් – “හැබැයි ඇමතිතුමා ඊයේ කිව්වා ඕනෙනම් අපිට 150ක් ඉන්නවා කියලා.

අමාත්‍ය විමල් වීරවංශ –  “අනේ ඔය පොඩි ළමයි කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ'”


‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ පවත්වන ප්‍රථම වෙළෙඳ ප්‍රදර්ශනය අද සහ හෙට කොළඹ පදනම් මාවතේදී පැවැත්වේ.

කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් දියත් කරන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ පවත්වන ප්‍රථම වෙළෙඳ ප්‍රදර්ශනය මෙය වෙයි.

ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙළෙඳ කුටි කිහිපයක් නිරීක්ෂණය කිරීමටද එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img