Tuesday, August 25, 2026
HomeNEWSරංගන ශිල්පී ජයලාල් රෝහණ දැයෙන් සමුගනී

රංගන ශිල්පී ජයලාල් රෝහණ දැයෙන් සමුගනී

රංගන ශිල්පී ජයලාල් රෝහණ දැයෙන් සමුගනී

ජීවිත රඟමඩලෙන් බැසගිය ප්‍රවීණ රංගධර අචාර්යය ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14)  පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භුමියේ දි සිදුකෙරුණී.

කොළඹ සුදර්ශි ශාලාවේ තැන්පත්කර තිබු දේහය පිළිබඳ ආගමිකවතාවත් අද පස්වරුවේ ආරම්භ කෙරුණු අතර ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජයලාල් රෝහණ මහතා පසුගිය බ්‍රහස්පතින්දා අභවප්‍රාප්ත විය.

ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 56කි.

සිනමාව, වේදිකාව සහ රූපවාහිනි යන මාධ්‍යයන්වල කලාකරුවෙකු ලෙස ගතවු කාලය තුළ ඔහු කළ සේවය මෙරට කලා ක්ෂේත්‍රය පෝෂණයට ඉමහත් දායකත්වයක් සැපයු බව සහෘද කලාකරුවන් පවසයි.

රංගන ශිල්පියෙකුට අමතරව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, පිටපත් රචකයෙකු මෙන්ම වේශ නිරූපන ශිල්පියෙකු ලෙසද ජයලාල් රෝහණ මහතා කටයුතු කර තිබේ.

ගුරුවරයෙකු ලෙසද තම දැනුම් සුවහසක් දරුවන් වෙනුවෙන් නොමසුරුව ලබාදීමට සැමවිටම ක්‍රියාකළ ජයලාල් රෝහණ මහතා සියලු පාර්ශවවල ආදරයට පාත්‍ර වු සරල මිනිසෙකු ලෙස පිළිගැනේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img