දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින්
ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
ඊයේ (16) දිනය තුළ ආසාදිතයින් 759 දෙනෙක් මෙරටින් හඳුනාගත් අතර, ඉන් ආසාදිතයන් 172 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් 73 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොටුව, මට්ටක්කුලිය හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් මීගමුව හා දිවුලපිටිය යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
තවත් ආසාදිතයින් 343 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 16කින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ දිනය තුළ දිවයින පුරා PCR පරික්ෂණ 11,721 ක ප්‍රමාණයක් සිදුකර ඇති බවද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.






















