Saturday, August 22, 2026
HomeNEWSකථානායකතුමා කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබ‍ා ගනී

කථානායකතුමා කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබ‍ා ගනී

කථානායකතුමා කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබ‍ා ගනී

පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී  කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’එන්නත ලබා ගත් අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටියේය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පෙරවරුවේ කථානායක නිල නිවසට පැමිණ ‍කථානායකවරයා සමග යුධ හමුදා රෝහල වෙත ගොස් තිබේ.

කොවිඩ් වසංගතය මර්ධනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා මෙසේ එන්නත ලබා‍ ගෙන තිබේ.

මෙම එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධව ඉන්දීය රජයට සිය ස්තුතිය පල කළ කථානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න කුඩා සහ මධ්‍ය...

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img