Saturday, August 22, 2026
HomeNEWSතෙල් නල මාර්ගයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 112කට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් නව නිවාස...

තෙල් නල මාර්ගයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 112කට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් නව නිවාස පිරිනමයි

තෙල් නල මාර්ගයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 112කට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් නව නිවාස පිරිනමයි

කොළඹ වරායේ සිට කොළොන්නාව නිමා සංකීර්ණය දක්වා වූ භූගත තෙල් ප්‍රවාහන නල මාර්ගයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 112කට නිවාස ලබාදීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ දී අද 2021.02.17 දින පැවැත්විණි.

පළමුව ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ වැඩ හිඳින බෝධීන් වහන්සේ අභියස අලුතින් තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ප්‍රතිසංස්කරණය කළ නව බෝධි ප්‍රාකාරය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් නිරාවරණය විය.

අනතුරුව නිවාස ලබා දීම සංකේතවත් කරමින් නිවාස ලාභීන් පස් දෙනෙකුට අග්‍රාමාත්‍යතුමා අතින් එම නිවාසවල යතුරු ප්‍රදානය කෙරිණි.

මෙහිදී දීඝවාපිය අරුණ අරමුදල සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයන් විසින් රුපියල් දහතුන් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් අග්‍රාමාත්‍යතුමාට භාර දෙන ලදී.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උපහාර තිලිණයක් ප්‍රදානය කළේය. 

වසර 35කට වැඩි කාලයක් තිස්සේ කොළඹ වරායේ සිට නිමා සංකීර්ණය දක්වා දිවෙන කිලෝමීටර් හය හමාරක දුර ප්‍රමාණය තුළ පුද්ගලයන් අනවසරයෙන් පදිංචි සිට ඇත. එමගින් එම පුද්ගලයන් හා දේපල ආරක්ෂාවට මෙන්ම නල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම නිවාස ලබාදීමට තීරණය කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම මැදිහත්වී රුපියල් මිලියන 500ක මුදලක් වැයකොට නව නිවාස ලබාදීම සිදු වේ. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස 125ක් තෝරා ගෙන ඇත.

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල,  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෘත්තිය සමිති සාමාජිකයන් ඇතුළු සේවකයන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න කුඩා සහ මධ්‍ය...

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img