Saturday, August 22, 2026
HomeNEWSනව ගුවන් සමාගම් 05කුත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් අරඹයි

නව ගුවන් සමාගම් 05කුත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් අරඹයි

නව ගුවන් සමාගම් 05කුත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් අරඹයි

ජනවාරි 21 දින සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ගතවූ කාලය තුල සංචාරකයෝ 3820ක් දිවයිනට පැ‍මිණෙති.ඔවුන්ගෙන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ යුක්රේනයෙනි.එම සංඛ්‍යාව 1374කි.කසකස්ථානයේ සංචාරකයන් 526ක් මේ වනවිට පැමිණ තිබේ.ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි.එම ගණන 443කි.

සංචාරකයන්ට රට විවෘත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති රැස්වීමකදී මේ බව අනාවරණය විය.

මේ වනවිට නව ගුවන් සම‍ාගම් 05ක් ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බවද මෙහිදී අනාවරණය විය.ෆලයි ඩුබායි,එයා ඇරේබියා ,සලාම් එයාර්, ජසීරා, ගල්ෆ් එයා යන ගුවන් සමාගම් මෙලෙස ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.ඉන් ගුවන් සමාගම් 03ක් දැනටමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයිද මෙහිදී අනාවරණය විය.එයා ඇරෙබියා, ෆලයි ඩුබායි හා සලාම් එයාර් එම ගුවන් සමාගම්  වෙයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ සෙසු ගුවන් සමාගම් සමගද ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට දින යොදා ගෙන ඇති බවයි. කටුනායක මෙන්ම මත්තල ගුවන්තොටුපල කේන්ද්‍ර කර ගනිමින් මෙම ගුවන් ගමන් ආරම්භ කරන බව ඇමතිවරයා මෙහිදී කීවේය.

කටුනායක හා මත්තල ගුවන්තොටුපල මඟින් සංචාරකයන් පැමිණීමේදී ඔවුන්ට කිසිදු බාධාවක් ඇති නොවන පරිදි අඳාල වැඩපිලිවෙල සකස් කර ඇතැයිද කටුනායක ගුවන්තොටුපල බලධාරීහූ මෙහිදී කියා සිටියහ.ගුවන්තොටුප‍ලේදී සංචාරකයන් හා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වීම වැලැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යලි යලිත් අවධානය යොමු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.ශ්‍රී ලංකාව ආකර්ශණීය සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව කොවිඩ් සුරක්ෂිත රටක් යන්නද ඉස්මතු වන පරිදි මෙම ප්‍රවර්ධන වැඩපිලිවෙල සකස් කරන ලෙසද ඇමතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න කුඩා සහ මධ්‍ය...

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img