Saturday, August 22, 2026
HomeNEWSඑක් දිනකදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් 130ක්

එක් දිනකදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් 130ක්

එක් දිනකදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් 130ක්

වාද්දුව ප්‍රදේශයේදී ඊයේ (21) සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 200ක් සමග 32 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටියදී ය.

අදාළ සැකකරු පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශවලදී ද සැකකරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටපත්ව තිබේ. 

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ද ඊයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී නීතිවිරෝධී මත්පැන් වැරදිවලට සම්බන්ධ 15 දෙනෙකු, මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙක්, වරෙන්තුකරුවන් 7 දෙනෙක්, ගිනිඅවියක් සමග එක් පුද්ගලයෙක් ආදී වශයෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් 25 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 130කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (21) දිනයේ සිදුකර තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.  
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img