Saturday, August 22, 2026
HomeNEWSබිම් මට්ටමේ සිදුවන කොවිඩ් මරණ සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛනවල නෑ -GMOA

බිම් මට්ටමේ සිදුවන කොවිඩ් මරණ සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛනවල නෑ -GMOA

බිම් මට්ටමේ සිදුවන කොවිඩ් මරණ සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛනවල නෑ -GMOA

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවය.

“සමස්ත මරණවලින් සියයට 70ක් වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි අය. ඒ නිසා මෙන්න මේ ඉලක්ක කණ්ඩායම් හරියට තෝරගෙන ඒ අය නිවැරදිව කලමනාකරණය කර විශේෂයෙන් එන්නත් වැඩසටහනේ දී ඒ අය ඉලක්ක කර ක්‍රියාත්මක කිරීම මීට වඩා කාර්යක්ෂමව සිද්ධවෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ජනවාරි සමස්ත මාසයට ම අපිට මරණ වාර්තා වුණේ 112ක් වගේ ප්‍රමාණයක්. පෙබරවාරි මාසය ඇතුළත මේ දවස් 20ක් ගත වෙනකොට ඒ ජනවාරි සමස්ත මාසයට වාර්තා වුණ මරණ ගාන ඉක්මවලා වාර්තා වෙනවා. මේක එතරම් සුබදායි තත්ත්වයක් නෙමෙයි. “

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට සෞඛ්‍ය  අමාත්‍යාංශය කඩිනමින් ප්‍රකාශයක් සිදුකළ යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට සෞඛ්‍ය  අමාත්‍යාංශය කඩිනමින් ප්‍රකාශයක් සිදුකළ යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම බිම් මට්ටමේ දී සිදුවන කොවිඩ් මරණ නිසිලෙස සංඛ්‍යා ලේඛන සඳහා යොමු නොවීම හේතුවෙන් ජනතාව හා සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

“බිම් මට්ටමේ සිදුවන මරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන විදියට එළියට එන්නේ නෑ. ඒ හරහා මතුවෙලා තියෙන තත්ත්වය තමයි සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා. උදාහරණය තමයි ගමක මරණයක් වුණාම ජාතික මට්ටමෙන් සහ වසංගත රෝග අංශය මඟින් දත්ත ප්‍රකාශ වෙනකොට ගමේ සිදුවුණ මරණය ඒ දත්ත පත්‍රිකාවට ඇතුළත් වෙන්නේ නැත්නම් ඒක කොවිඩ් මරණයක් ද නැද්ද කියන සැකය ඥාතීන් තුළ එනවා. බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් මේ හරහා සමාජය හා සෞඛ්‍ය වෘත්තීතයන් අතර ඇති වෙන්න පුළුවන්.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img