කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්ෂ 3 ඉක්මවයි
එන්නත් 39,078 ක් ඊයේ (20) දිනය තුළ ලබාදීමත් සමග මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 302,857 ක් බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 543 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව පසුගිය දින තුන තුළ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වීම 500 සීමාව දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි.
මේ අතර වැඩිදුරටත් අදහස් දැක්වමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, මේ වන විට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සඳහා ඉන්දියාවේ ආයතනයකට ගෙවීම් සිදුකළ බවය.
“අපි හිතනවා ලබන සති අන්තය වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාවේ සිට ඊළඟ එන්නත් මාත්‍රා ලක්ෂ 5 අපට ලැබෙයි කියලා. “






















