Saturday, August 22, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත්කළ කමිටුවේ කාර්යභාරය ගැන පැහැදිලි කරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත්කළ කමිටුවේ කාර්යභාරය ගැන පැහැදිලි කරයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මත චූදිතයන්ට නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු සඳහා, වාර්තාව අධ්‍යයනයට පත්කළ කමිටුවේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු සම්මත යුක්තිය පසඳලීමේ පටිපාටිය අනුව සිදුවනු ඇති අතර කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ ඉදිරිපත් කිරීම ද එම කමිටුවේ කාර්යය භාරයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මකවිය යුතු ආකාරය වාර්තා කිරීම කමිටුවට පැවරී ඇති වගකීම බව පෙන්වා දෙයි.

කෙසේවෙතත් කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගනිමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ මෙම සය පුද්ගල කමිටුවේ සාමාජිකයින් දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද හා විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක පදනම් කරගනිමින් තෝරා  පත්කරගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img