පැලවත්තේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පුද්ගලයෙක්ට කොවිඩ් ආසාදනයවීමත් සමග අද (22) පෙරවරු 11.30ට පමණ එම දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමුණු බව වාර්තා විය.
එහි ආරක්ෂක නිලධාරියා සඳහන් කළේ, “ඇතුලේ එක්කෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. අපි ඒක මොකක් හරි නිරාකරණය කරගන්නකම් මේක සඳුදා වෙනකම් වහලා කියලා කියන්න කිව්වා.” යනුවෙනි.
හදිසියේ වසාදැමුණු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හේතුවෙන් සේවා ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත්ව සිටි අයුරු ද දක්නට ලැබුණි.
මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් අද දිනයේදීත් වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් ඇති කොළඹ මහනගර සභා සීමාව තුළ පදිංචි ජනතාවට ලබාදීම කොළඹ ස්ථාන 7කදී සිදු කෙරුණි.
එමෙන්ම කටුනායක ගුවන්තොටුපලේ කාර්ය මණ්ඩල සේවක සේවකයින්ටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අද දිනයේදීත් සිදුකෙරුණේ ගුවන් හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසිනි.
ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 35,912 දෙනෙකුට එන්නත්කරණය සිදුකර තිබුණි.
ඒ අනුව එන්නත ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 338,769 කි.






















