කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා දුන් සහන ඇතැම් මුල්‍යායතන විසින් ලබා නොදීම පිළිබදව වහා පියවරක් ගන්න – සංචාරක ඇමතිගෙන් බළධාරීන්ට උපදෙස්.
කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා දුන් සහන ඇතැම් මුල්‍යායතන විසින් ලබා නොදීම පිළිබදව වහා පියවරක් ගන්නයැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. ඔහු අවධාරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව මේ සදහා කඩිනමින් මැදිහත් විය යුතු බවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස් වු සංචාරක කාර්ය සාධක බලකායේ පළමු රැස්වීමේ දීඇමතිවරයා මේ බව අවධාරණය කළේය. සංචාරක අමාත්යකාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණ. සංචාරක කාර්යසාධක බලකාය පත් කෙරුණේ කොවිඩ් වසංගතයෙන් පසුව රටසංචාරකයන්ට විවෘත කිරීමත් සමග ඊට අදාළ ඉලක්ක සපුරාගැනීම සදහා අවශ්‍ය පියවර රජයට නිර්දේශ කිරීම සදහායි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රධානත්වය දරණමෙම කාර්ය සාධන බලකායට රාජ්‍ය ඇමති ඩි.වි.චානක, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණිය, මුදල් රාජ්යඅමාත්යාංශයේ ලේකම්, ආර්.එම්.ඒ.රත්නායක, විදේශ කටයුතුඅමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ, මහබැංකුනිළධාරීන්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිසහ SLAITO හා THASAL යන සංචාරක සංගම්නියෝජිතයන් දෙදෙනෙකු ද ඊට ඇතුළත් වෙති.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේසංචාරක ව්‍යාපාරයේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට නම් එමක්ෂේත්ර යේ නිරත අත්දැකීම් ඇති අය රැකගැනීම රජයේවගකීමක් බවයි. මේ වන විට සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුඅත්දැකීම් බහුල පිරිස් වෙනත් වෙනත් රැකියාවලට යොමුවීමේප්රවණතාවයක් ඇති බවත් ඊට හේතුවී ඇත්තේ වර්තමානවසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගඅහිමිවීම බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ගේ වාහන සදහා ලීසිං සහනලබා දීමට රජය කටයුතු කළද ඇතැම් මූල්‍ය සමාගම් මගින්ඒවා ලබා දී නොමැති බවට චෝදනා ඇති බවත් හිග වාරිකසදහා අමතර පොළියක් අය කිරීම වැනි චෝදනාසම්බන්ධයෙන් මහබැංකුව වහා මැදිහත් විය යුතු බවත්ඇමතිවරයා මෙහි දී කීවේය. සංචාරක රියදුරු සංගම් කීපයක්විසින් ඇමතිවරයා වෙත ඉදිරිපත් කර තිබු ඉල්ලීම් ඇතුළත්ලිපිගොණුවක් කාර්ය සාධක බලකායට ඉදිරිපත් කළඇමතිවරයා වහා මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස දඋපදෙස් දුන්නේය.
මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඒ.රත්නායකමහතා මෙහි දී කියා සිටියේ මේ සම්බන්ධයෙන් මුදල්අමාත්‍යාංශය හා මහබැංකුවේ අවධානය දැනටමත් යොමු වීඇති බවයි. ඒ ගැන ඉක්මන් පියවරක් ගන්නා බවට දලේකම්වරයා ඇමතිවරයාට සහතික වූයේය.
“මහබැංකුව අපිට ඉලක්ක ලබා දීම හොදයි. හැබැයි ඒඉලක්ක ලබා දෙනවා වගේම මේ ක්ෂේත්‍ර යේ පීඩාවට පත්වෙලා ඉන්න අයට රජය ලබා දුන් සහන ලබාදීමටත් මැදිහත්වෙන්න. ඔවුන් රැකුණොත් විතරයි සංචාරක ක්ෂේත්රයරැකෙන්නේ. සංචාරක ව්‍යාපාරයේ නියුතු වූ අය රජයට හෝකිසිවෙකුට බරක් වූ අය නෙමෙයි. ඔවුන් රටට ආදායමක් උපයාදුන් අය. ඒ අය පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවේ ඔවුන්ටසහනයක් වීම අපේ වගකීම ” ඇමතිවරයා කීවේය.






















