බලශක්ති අමාත්‍යවරයා සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්
බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් පසුගියදා (පෙබරවාරි 17) බලශක්ති අමාත්‍යාංශයේ දී සිදුවිය.
දෙරට අතර බලශක්ති සහයෝගිතාව වර්ධනය සඳහා පැවැති මේ සාකච්ඡාවෙදී නව තෙල් පිරිපහදුවක් ඇමෙරිකානු ආයෝජන හරහා ඉදිකිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් විය.






















