Saturday, August 22, 2026
HomeNEWSපාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ වැඩසටහනක්

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ වැඩසටහනක්

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ වැඩසටහනක්

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ඊයේ (23) අත්සන් කළ සංචාරක සහයෝගිතාව පිළිබද අවබෝධතා ගිවිසුමට අනුව  මේ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අද (24) දෙරටේ සංචාරක අමාත්‍යවරුඑකඟතාවකට එළඹුණහ.

පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමග මෙරට නිල සංචාරයට පැමිණ සිටින දූත කණ්ඩායමේ නියෝජිතයෙකු වන පාකිස්ථානූ සංචාරක අමාත්‍ය සාහේඩ් සුල්ෆිකාර් අබ්බාස් බකාරි මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර මෙම ද්වි පාර්ශික සාකච්ඡා අද (24) සංචාරක අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණ.

පාකිස්ථානු සංචාරක අමාත්‍ය සාහේඩ් සුල්ෆිකාර් අබ්බාස් බකාරි මහතා මෙහි දී කියා සිටියේ පාකිස්ථානයේ ප්‍ර දේශ ගණනාවක බෞද්ධ උරුමයන්ට අදාළ පෞරාණික නටඹුන් ඇති බවයි. ඉපැරණි ශිෂ්ඨාචාර නටඹුන් බෞද්ධ උරුමයන් නැරඹීමට ශ්‍රී ලාංකික සංචාරකයන් වැඩි උනන්දුවක් දක්වන බැවින් දෙරට අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම දෙරටේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට හේතුවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. ජූනි මාසයේ දී පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණිමට අපේක්ෂා කරන බැවින් එය ද මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට හේතු වනු ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක බුබුළක් ලෙස දෙරටේ සංචාරකයන්ට රටවල් විවෘත කිරීම පිළිබදව මෙහි දී අවධානය යොමු කෙරිණි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අමාත්‍යවරු තීරණය කළහ. දැනටමත් පාකිස්ථෘනයේ කරච්චි හා ලාහෝර් සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සිදුවේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සදහන් කළේ ඉස්ලාම්බාද් දක්වා ද සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. ජාතික ක්‍රිකට් තරගවලට අමතරව දෙරට අතර සංගම් ක්‍රිකට් තරගාවලි සංවිධානය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු යැයි පාකිස්ථානු සංචාරක ඇමතිවරයා මෙහි දී යෝජනා කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය මේ සදහා යොමු කරන බවයි.

දෙරටේ සංචාරක සංවිධායකයන් දැනුවත් කිරීමටත් ඒ අනුව අවබෝධතා ගිවිසුමේ සදහන් කරුණු කඩිනමින් ඉටු කිරීමටත් මෙහිදී තීරණය කෙරිණී. දෙරට අතර සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිනි.

මෙම සාකච්ඡාව සඳහා සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය ද එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img