Tuesday, August 18, 2026
HomeNEWSඅලිවැට පුහුණු කිරීමේ බලකාය වැඩ අරඹයි.

අලිවැට පුහුණු කිරීමේ බලකාය වැඩ අරඹයි.

අලි මිනිස් ගැටුම පාලනය කර මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සදහා ආරම්භ කළ අලිවැට පුහුණු කිරීමේ බලකායට අවශ්‍ය පුහුණුව ලබා දීම පසුගිය දා ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

ඒ එම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මුලිකත්වයෙන් මෙම අලිවැට පුහුණු කිරීමේ බලකාය ආරම්භ කෙරිණි. මූලික උපදෙස් ලබා දීමෙන් අනතුරුව ඔවුන්ට අවශය ප්‍රා යෝගික පුහුණුව ලබා දිම සදහා කුච්චවේලි ප්‍රදේශයේ අලුතින් ඉදි කළ අලි වැට නිරීක්ෂණය කිරීම සදහා ද මෙම පිරිස සහභාගි වූහ. මෙසේ ප්‍රධාන කණ්ඩායම පුහුණු වීමෙන් අනතුරුව ඔවුන් ග්‍රාමීය මට්ටමින් තවත් කුඩා කණ්ඩායම් සදහා මෙම පුහුණුව ලබා දීමට නියමිතය.

විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් ඉදි කරන මෙම අලිවැට නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා අලිමිනිස් ගැටුම උත්සන්න වීමට හේතුව බව සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ මතය වි තිබේ. ඊට අමතරව විදුලි වැට නිසියාකාරයෙන් ඉදි නොකිරීම ද මේ සදහා හේතුවක් වී ඇත. මීට පිළියමක් ලෙස අලිවැට ආරක්ෂා කිරීමේ විශේෂ බලකායක් ප්‍රාදේශිය මට්ටමින් ඇති කිරීමට සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ මැදිහත් වීම මත ආණ්ඩුකාරවරිය පියවර ගත්තාය.

මෙම බලකාය සදහා ගොවි සමිති නියෝජිතයෙක් සිවිල් ආරක්ෂක බලකායෙන් සාමාජිකයන් දෙදෙනෙකු ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජිතයෙකු ග්‍රාම නිළධාරි සහ වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිළධාරියෙකු පත් කර ඇත. එම බලකායේ අධීක්ෂණ කටයුතු සිදුවන්නේ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහාය.

දෙවැනි සහ තුන්වෙනි අදියර යටතේ මෙම බලකාය අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වලද ස්ථාපනය කිරීමට ද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය. 

මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, කුච්චවේලි ප්‍රාදේශිය ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

හිටපු ඇමති රාජිතගේ සොහොයුරු මහිල් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොහොයුරා වන ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ (2010-2012) මහිල් සේනාරත්න අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img