Tuesday, August 18, 2026
HomeNEWSවිදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 2021.03.08 දින පෙරවරුවේ උපදෙස් දුන්නේය.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ විදේශ විනිමයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමඟ මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

විදේශ ණය ලබා ගැනීමේ දී එම ණය පියවීම පිළිබඳව සළකා බලා සාර්ථක ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන් අග්‍රාමාත්‍යතුමා එම ව්‍යාපෘති ඔස්සේ විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරගන්නා ලෙස ද උපදෙස් දුන්නේය. 

සාගර සම්පත් විශ්ව විද්‍යාලය සඳහා වන ව්‍යාපෘතිය මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානයට ලක් වූයේය. එම විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය ඊට යාබද ප්‍රදේශයේ සංවර්ධනය ද ඉලක්ක කරමින් ක්‍රියාවට නංවන්නැයි අග්‍රාමාත්‍යතුමා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල,අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, අග්‍රාමාත්‍යතුමාගේ මුදල් අමාත්‍යංශ සම්බන්ධීකරණ ලේකම්වරුන්වන චරිත් විජේසිංහ, ගැමුණු කරුණාරත්න මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

හිටපු ඇමති රාජිතගේ සොහොයුරු මහිල් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොහොයුරා වන ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ (2010-2012) මහිල් සේනාරත්න අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img