Tuesday, August 18, 2026
HomeNEWSජාත්‍යන්තර කාන්තා දිනය අද

ජාත්‍යන්තර කාන්තා දිනය අද

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.

1908 වසරේදී වැඩකරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැති පා ගමනකින් පසු පළමු වරට ජාතික කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණි.

අනතුරුව එය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත්වූ අතර 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ද එය නිල වශයෙන් පිළිගනු ලැබීය.

ඇතැම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස ද අද දිනය නම් කර ඇති අතර කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

මේ අතර කාන්තා දිනයට සමගාමීව ආශිර්වාද පූජාවක් අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත් වුණි.

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ විසින් මෙම ආශිර්වාද පිංකම සංවිධානය කරතිබූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

\

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

හිටපු ඇමති රාජිතගේ සොහොයුරු මහිල් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොහොයුරා වන ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ (2010-2012) මහිල් සේනාරත්න අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img