Tuesday, August 18, 2026
HomeNEWSකොළඹ පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට මියන්මාරයට ආරාධනා කිරීම ගැන පැහැදිලි කිරීමක්

කොළඹ පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට මියන්මාරයට ආරාධනා කිරීම ගැන පැහැදිලි කිරීමක්

2021 අප්‍රේල්  මස 1 වනදා කොළඹ දී අතථ්‍ය ලෙස පැවැත්වෙන 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පැහැදිලි කිරීමක් නිකුත්කර තිබේ.

එම සංවිධානයේ වර්තමාන සභාපතීත්වය දරන්නේ ශ්‍රී ලංකාව යි.

“බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය) ආරාධනා කර ඇත,” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

නමුත් මේ වනවිට මියන්මාරයේ හමුදා පාලනයක් පවතින බැවින් එරටට එම අවස්ථාවට ආරාධනා කිරීම එරට හමුදා පාලනය ශ්‍රී ලංකාව පිළිගැනීමක් වැනි බව ඒ සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය ඔවුන්ගේ පැහැදිලි කිරීම නිකුත් කර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙනි.

අදාළ පැහැදිලි කිරීම පහතින් දැක්වේ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img