Tuesday, August 18, 2026
HomeNEWSකොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

අඛණ්ඩව තුන්වන දිනටත් වැඩිම දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඊයේ (10) දිනයේදීත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 42 කු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරටින් ඊයේ දිනයේ වාර්තා වු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 342කි.

ඒ අනුව ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 කු හඳුනාගැනුණු අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 32 කු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 128 ක් වේ.

කෙසේවෙතත් කොවිඩ් නයින්ටින් ‍දෙවන රැල්ල ආරම්භයත් සමඟ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 53,809 කි.

මීට අමතරව ඊයේ දිනයේ යාපනය දිස්ත්‍රික්කයෙන් 39 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 18 ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් 16 ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් 13 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 11  ක් ලෙස ආසාදිතයින් හඳුනාගැනුණි.

මහනුවර, අනුරාධපුර, පුත්තලම, බදුල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, පොළොන්නරුව, අම්පාර, කෑගල්ල සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගැනුණු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනය තුළ පී.සී.ආර් පරීක්ෂණ 7,889 ක් සිදුකර තිබේ.

ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 106ක් තුළ තවදුරටත් පුද්ගලයින් 10,650 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img