අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි තරුණයෙකු බලංගොඩ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක දී අත්අඩංගුවට ගෙන තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේ රුසියානු භාෂා විභාගය සඳහා වෙනත් අයෙකු වෙනුවෙන් පෙනී සිටි 21 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
සැකකරු අද (11) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවය.






















